මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයි
මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ තුෂාර ගුණරත්න මහතා හා ‘ඉරිදා මව්බිම’ පුවත්පතේ කර්තෘ උපුල් ජෝසෆ් ප්‍රනාන්දු මහතා මෙම නව පුවත්පත් ආයතනය ආරම්භ කිරීම සඳහා මිට සති කිහිපයකට පෙර එක්විය.
මෙම නව මාධ්‍ය ජාලයට එක්වන මාධ්‍යවේදියකු රුපියල් ලක්ෂයක අවම වැටුපක් හා ගමන් පහසුකම් වෙනත් ප්‍රතිලාභ රැසකට හිමිකම් ලබයි.
ඒ අනුව ලංකාදීප, රිවිර හා ලක්බිම පුවත්පත් ආයතනවලින් ද සේවකයින් විශාල පිරිසක් ද ඉදිරිදින කිහිපයේදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ පුවත්පත් ජාලයට එක්වීමට නියමිතය.
අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් ආරම්භ කරන මෙම පුවත්පත් ජාලයේ ඉලක්කය ‘ලංකාදීප’ පුවත්පත වෙත ඇති ආකර්ෂණය අත්පත් කර ගැනීම බවත් ඒ සූදානම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා අදාළ ආයතනය වෙත සුබපතා ඇති බව ද වාර්තා වෙයි.
මේ අයුරින් රුපියල් බිලියන ගණනක ආයෝජනයක් සහිතව මෙම මාධ්‍ය ජාලය පිහිටුවන්නේ 2020 වසරේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව ජනාධිපතිවරයා කරවීමේ මාධ්‍ය ක්‍රියාන්විතය සඳහා බව ද පැවසේ.

0 comments