ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට

අවම රථ වාහන දඩයට විරෝධය පළ කරමින් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ වෘත්තිකයින් පිරිසක් ආරම්භ කළ පෙළපාලිය මේ වනවිට කොළඹ - කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබෙනවා.

ඔවුන් කොළඹ පුරහල ඔස්සේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, මේ හේතුවෙන් කොළඹ - ලෝටස් මාර්ගය රථ වාහන ගමනාගමනය සදහා තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගත්තා.

මෙම පෙළපාලිය හේතුවෙන් අද දහවල් කොළඹ පුරහල අවට මාර්ගවලද දැඩි රථවාහන තදබදයක් හට ගත්තා.

0 comments