පූජා දිව්‍ය ලෝකේ යවන්න හිතාගෙන fb ගිණුමෙන් පූජා මරලා
කෙනෙකු මිය ගිය පසු ෆේස්බුක් ගිණුමේ පෙන්වන ‘Remembering‘ කියා Update කරලා තිබෙනවා.
ඒ පිළිබඳ අප කළ විමසීමකදී පූජා මෙසේ කියා සිටියා.
මාව කලින්ම දිව්‍ය ලෝකේ යවන්න කියලා හිතාගෙන තමයි මගේ ෆේස්බුක් එකවුන්ට් එකේ ‘Remembering‘ දාලා තියෙන්නේ.
මගේ ෆේස්බුක් ගිණුම මගේ නංගිලා මල්ලිලාට භාවිතා කරන්න දීලනේ තියෙන්නේ. මගේ ළගින්ම ඉන්න අය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
එහෙම කරන්න ඇත්තේ විහිළුවක් කරන්න කියලා හිතාගෙන වෙන්න ඇති. ඒත් මේ වගේ ජරා වැඩ කරන්න හොද නැහැ.
මේ වගේ වැඩ කරලා අනුන්ගේ ජීවිතතත් එක්ක සෙල්ලම් කරන්න එපා.
මගේ තාත්තා හදවත් රෝගයකින් පෙලෙනවා.
මේ සිද්ධිය වෙච්ච වෙලේ මම ෆෝන් එකත් ඕෆ් කරලා සම්මුඛ සාකච්ඡාවක හිටියේ. ඉතිං එහෙම තියෙද්දි ඒ වෙලේ මගේ තාත්තට කවුරු හරි මේ දේ කියලා තිබුණනම් එයාට මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා. කවුද ඒවට වගකියන්නේ.. ?
මම හැමෝටම ආදරෙයි.. මම දන්න කියන හැමෝටම ගෙදරට එන්න කියලා කන්න බොන්න පවා දෙද්දි එයාලම මට මේ වගේ දේවල් කරනවානම් ඒක හරි නැහැ නේද..?









0 comments