ශ්‍රද්ධා ගුවන්විදුලිය මින් ඉදිරියට ලක්විරු ගුවන්විදුලිය බවට..
ශ්‍රද්ධා ගුවන්විදුලිය "ලක්විරු ගුවන්විදුලිය' නමින් මින් ඉදිරි කටයුතු
සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග
තොරතුරු අනාවරණය කරයි.
එහෙත් නාලිකාව ශ්‍රද්ධා මාධ්‍ය ජාලය යටතේම පවතියි.වැඩසටහන්
මෙන්ම නාලීකාවේ කාර්යය මණ්ඩලය ද ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අයත්ය.
ඇල්ලේ ගුණවංශ හිමිගේ ලක්විරු පදනම වෙත පසුගිය රජය සමයේ 105.2/105.4
සංඛ්‍යාත පැවරිණි.එහෙත් කාලයක් මුළුල්ලේ අදාල සංඛ්‍යාත භාවිතයට නොගත් අතර
තාවකාලික MBC මාධ්‍ය ජාලයේ Y FM සඳහා හන්තාන,නුවරඑළිය සහ බදුල්ල ආවරණයට
අදාල සංඛ්‍යාත ලබාදීම සිදුවිය.
එහෙත් යළිත් ලක්විරු පදනම විසින් අදාල සංඛ්‍යාත ශ්‍රද්ධා ගුවන්විදුලිය ඇරඹීමට ලබාදෙන ලදි.පිදුරුතලාගල ඔස්සේ ශ්‍රද්ධා ගුවන්විදුලිය ඇරඹීමත් සමඟ "ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ගුවන්විදුලිය" යනුවෙන් ප්‍රචාරය විය.
එහෙත් ඉදිරියට ශ්‍රද්ධා ගුවන්විදුලිය යන නමින් තොරව ලක්විරු ගුවන්විදුලිය නමින්ම වැඩසටහන් කිරීම අරමුණයි.
මේ අතර මේ වන විට එම නාලිකාව නුවරඑළිය කිකිළියාමාන ඔස්සේ 105.2 න් සිය පර්යේෂණ විකාශය ආරම්භ කොට තිබේ.කොළඹ,ගම්පහ,කළුතර,කෑගල්ල,මාතලේ,මහනුවර,නුවරඑළිය,කුරුණෑගල,පුත්තලම,අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය,පොලොන්නරුව,අනුරාධපුර,බදුල්ල ඇතැම් ප්‍රදේශ
මොණරාගල බුත්තල ආදී ප්‍රදේශ රැසකට නාලීකාව ශ්‍රවණය කළ හැකි බව අප වාර්තාකරුවෝ සඳහන් කරති.
0 comments