ඒ වගේම තවත් දවස් දෙක තුනක්ම අපේ තාත්තට බොන්න දීලා මාව විනාශ කළා

ඇඟට දැනෙන මහන්සිය නිසා කියල සමහර පිරිමින් හවසට පොඩියට මත්වතුර ටිකක් තොල ගාගෙන ගෙදර එන්නේ අතේ සතේ නැතුව.

අන්තිමේදී වෙරි බැහැලා ඉවර වුනාට පස්සේ වෙන්න ඕන දේවල් සියල්ල වෙලා ඉවරයි.

අන්න ඒ වගේ හැමදාම සවසට මත්වතුර ටිකක් තොල ගාගෙන ගෙදර අපු තාත්තා කෙනෙක් ඔහුගේ යාළුවාගෙන් සිහි නැතිවෙනක්න් හොඳටම සූර් වෙලා ගෙදර ඇවිල්ල තමන්ගේ ලෙයින් හදපු දුව යහළුවාට දුන් පියෙක් නිසා ගෙදරින් පැනලා ඇවිත් අනනන්ත දුක් විඳලා පෙර වාසනාවකට කොහෙද අද හොඳ දිවියක් ගෙවන කාන්තාවක් සිදුකළ පාපොච්චාරණයක් වාර්තාවුණේ මෙලෙසයි.

පුංචි කාලේ ඇයට පවුලේ අය ආදරේට කියල තියෙන්නේ දෝණි කියලා.

ඉතින් දෝණි අද ව්‍යාපාරයක් කරලා හොඳ දිවියක් ගෙවන කෙනෙක්.නමුත් දෝණි විඳපු දුක් සහිත අමිහිරි අතීතය මතක් කරමින් ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවා.

දෝණිගේ පුංචි කාලේ කොහොමද ගෙවුණේ ?

අපේ තාත්තා අපිව හදා ගත්තේ කුලී වැඩ කරලා. මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. ඉතින් තාත්තා හසර හොඳටම බිලා ගෙදර ආවේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න බලාගෙන.

ඒක අපේ ගගෙවල් ළඟ මිනිසුන්ට අරුමයක් නෙවෙයි.සතියේ දවස් 07න් පහක්ම අනිවාරෙන් අපේ ගෙදර රණ්ඩුවක් තිබුණා.

අම්මා තාත්තාගෙන් ගුටි කාල තියෙන වාර අනන්තයිඒ දෙන්නා රණ්ඩු වෙද්දී නංගියි මල්ලියි තුරුළු කරන් හැඟෙන්නේ බයටමයි.අපිට ඉස්කෝලේ ඇඳගෙන යන්න හොඳ ඇඳුමක් තිබුනේ නැහැ,

දන්නා කාලේ ඉඳලා අපි හොඳට දුක් වින්දා.සමහර දවස් වලට අම්මා කන්නේ නැතිව අපිට බත් බෙදලා දුන්නා.අම්මා බඩගින්නේ හිටියා.

අපි ඒක කළා නිදා ගත්තා. අම්මා අපේ බඩගින්න නිවන්න එයා බඩගින්නේ ඉඳලා අපිට කන්න දුන්නා.කොච්චර නැති නරිකම් තිබුණත් අපි ඉස්කෝලේ ගියා.ඒ මේ අපායෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතාගෙන.

එත් අපේ අම්මා හිතපු නැති විදියට අසනීප වුණා.අම්මා ළඟම තිබුණු රෝහලක් වෙත අරන් ගියා.එදා ඒ ඩොක්ටර් අම්මව බලලා කිව්වේ කොළඹ ලොකු දොස්තර කෙනෙකුට පෙන්නලා පරීක්ෂණ කරන්න කියලා.අනේ අපිට එදා සල්ලි තිබුණේ නැහැ.

අමමාට පපුවේ අමාරුව හැදෙනකොට මම තෙල් ටිකක් ගාලා අතගෑව.එකම දවසක් සල්ලි ටිකක් හොයාගෙන අපි අම්මට බෙහෙත් අරන් දුන්නා.අපිට උදව් කරන්න කව්රුවත් හිටියේ නැහැ.

දෝණි කොහමද අම්මත් බලාගෙන ගෙදර වැඩ ටිකත් කරගත්තේ ?

මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ මම ලොකු ළමයෙක් වුණා. අපේ අම්මට උත්සවයක් ගන්න තරම් සල්ලි තිබුණේ නැහැ. ඒ වුනාට තාත්තාට ඕන වුණේ අහල පහළ ගෙවල් වල යට පොඩියට හරි කෑම වේලක් දෙන්න.

එදා අපේ අම්මා මව ගේ ඇතුලේ තියාගෙන ආරක්ෂා කරලා සුදුපාට මල් දාලා මම නාවල ගෙට අරගත්තේ.ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන කියලා මට එදා තේරුණේ අම්මගේ අහිංසක අස් දෙක දැක්කම.

එදා මගේ ජිවිතයේ සතුටුම දවසක්.ඒ වුණාට මම ලොකු ළමයෙක් වෙලා සතියක් ගියේ නැහැ. අම්මට අමාරුවෙලා ඉස්පිරිතාලේ අරන් ගියා.ඒ වුණාට අතර මඟදී අම්මව යළි නොඑන්නම ඔඉව දාල ගියා.

අම්මා නැතුව කොහමද නංගි සහ මල්ලි එක්ක හිටියේ ?

කාලයත් එක්ක අපේ තාත්තා බොන එක වැඩි කරලා.එක දවසක් තාත්තා යාලුවෙකුත් එක්ක හොඳට බීලා තව බොන්නත් අරන් අපේ ගෙදර ආවා.එදා ඒ දෙන්නට බයිට් එක හදන්න වුණේ මට.එදා මන් කරවල කෑල්ලක් හදලා ඒ දෙන්නට දීලා නංගියි මල්ලියි නිදි කරවලා මමත් ටිකක්වෙලා හිටියා.

හොඳටම බිලා හිටය තාත්තා සිහි නැතිව අපේ ගෙදර සාලේ වැටිලා නිදා ගත්තා.එදා හොඳටම වැස්සා නිසා ඒ මාමා අපේ ගෙදර නැවතුණා.ඒ නිසා එයත් අපේ ගෙදර නිදා ගත්තා.මමත් ඒ අයිනකට වෙලා නිදා ගත්තා.

ටිකක් රෑ වෙද්දී ඒ මනුස්සයා මම නිදා ගත්ත තැනට ඇවිත් කිව්වා මම මරලා දානවා කියලා. එදා මගේ ජීවිතය නැතිවෙලාම ගියා. ඒ වගේම තවත් දවස් දෙක තුනක්ම අපේ තාත්තට බොන්න දීලා මාව විනාශ කළා.

ඒ දේවල් ඉවසා ගන්න බැරිම තැන මම එක දවසක් ගෙදරින් පැනලා ආවා.බස් එකේ යන්න විතරයි මට සල්ලි තිබුණේ.

ගෙදරින් ඇවිල්ලා කොහෙද ගියේ ?

අපේ නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතුණා.පේ නැන්දා මම බර වැඩි නැහැ කියලා මව තියා ගත්තා.

මම ටික දවසක් ඉඳලා අපේ මාමට කියලා රස්සාවක් හොයාගෙන කොළඹ ආවා.එදා මාමා තව කෙනෙකුට මම භාර දුන්නේ මෙයාව හොඳට බලා ගන්න කියලා.එදා මට වෙනම කාමරයක් දුන්නා.

ඒක ලොකු හොටෙල් එකක් මූද අයින තිබුණේ.ගමන් මහන්සිය නිසා මට එදා හොඳටම නින්ද ගියා.පස්සේ දවසේ උදේ ඒ මනුස්සය ඇවිත් පඩියෙන් කපන්න පුළුවන් කියලා අලුත් ඇඳුම් ගන්න සල්ලි දුන්නා.

ඒ වෙලාවේ මට බීම විදුරුවකුත් දුන්නා.එක බිව්වට පස්සේ මම අමුතු ලෝකෙකට ගියා වගේ දැනුනා.එදා දවසෙම ඒ මනුස්සය මම තියාගෙන.තවත් මිනිසුන් කිහිප දෙනෙක්ට මම විකුණලා.එහෙම කාලයක් ගතවෙද්දී පිටරට සුද්දෙක් මාව අර ගත්තා.

ඒ මනුස්සයා මාව තියාගෙන මට ආදරේ කරන්න ගත්තා.අවසානෙදි මන් ඒ සුද්දව කසාද බැන්දා.

එයා මට ලොකු හෝටලයක් හදලා දුන්නා,එයා මට ගොඩක් ආදරෙයි.අවුරුද්ද
කට සැරයක් එයා මෙහෙ එනවා.

මම නංගිටයි මල්ලිටයි ගෙවල් දෙකක් හදලා දුන්නා.මම පන්සලට උදව් කරනවා,අනෙක් ආත්මෙදි හරි හොඳ දිවියක් ලැබෙයි කියලා හිතලා.

ඇයි මේ තරම් මත්ද්‍රව්‍ය ගන්නේ ?

මේ පුරුද්ද අත් හරින්න මන් උත්සාහ කරනවා.මට හිතෙනවා මමත් තාත්තා වගේ කවදා හරි මැරිලා යාවි කියලා.මම මේ තත්ත්වයට පත්වුණේ මගේ වැරැද්දෙන්,මගේ දුප්පත්කම. මගේ අසරණකම මේ හැමදේටම හේතුවක් වුණා.ඒ විතරක් නෙවි මගේ ලස්සන මට කරුමයක් වුණා.
 
 

0 comments