වොක්ස්වැගන් කම්හලට මුල්ගල් තැබේ

කුලියාපිටිය - ලබුයාය ප්‍රදේශයේ ඉදි කෙරෙන යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීමද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

මෙම කර්මාන්තශාලාව මගින් වොක්ස්වැගන්, රෙනෝල්ට්, අවුඩි ඇතුලූ යුරෝපයේ නිෂ්පාදනය කරන වාහන රැසක් එකලස් කිරීම සිදුවනවා.

මේ අතර රට සහ ජනතාව වෙනුවෙන් අවංකව සේවය කිරීමට රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති උත්සවයකදියි.

0 comments