අරා අද සිට සියතට.. සියත අළුත් කරන්න සූදානම්..

අරවින්ද ලොකුගේ මහතා ( Dj අරා) අද සිට සියතේ වැඩ අරඹයි.මේ බව සනාථ කරමින් අද දින ඔහුගේ බිරිද වන නදීකා ලොකුගේ මහත්මිය ඡායාරූපයක් සහිතව සිය face book ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි සඳහන් වන්නේ මෙසේය.

"My knight in shining armour.. off for new challenges.."

එසේම මිතුරන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ඇය අරවින්ද ලොකුගේ මහතා සියත සමඟ එක්වූ බව ද එහි සඳහන් කර තිබේ.එසේම සියත නව වෙනසට ඔහු මඟ පෙන්වන බව ද සඳහන් කර තිබේ.එමඟින් ගම්‍ය වන්නේ සියත FM මහ පුටුවක් අරවින්ද ලොකුගේ මහතා වෙත හිමිව ඇති බවයි.

කෙසේ නමුත් ඔහු විවිධ නාළිකාවන් වලට ගිය බවට කටකතා පැතිර ගියත් ඒවා සත්‍ය අසත්‍යතාව පිළිබඳව මේ වන විට හෙළිදරව් වී තිබේ.ඒ අරවින්ද ලොකුගේ අද දින සියත නාළිකාවේ සේවයට යාම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ෆේස්බුක් ඔස්සේ ඡායාරූපයක්ද සමඟින් විස්තර පළකර තිබූ නිසාවෙන්.

DJ Arah හිරු නාළිකාවෙන් ඉවත්ව ගිය පසු DJ Arah නාමය යොදාගනිමින් වෙනත් නාළිකාවක් වැඩසටහනක් ආරම්භ කළද එම උත්සාහය අසාර්ථක වුණේ එයට ෆේස්බුක් ඔස්සේ දැඩි දෝෂාරෝපණ එල්ලවීම නිසාවෙන්.

ලබන පෙබරවාරි 1වනදා සිට DJ Arah සියත නාළිකාවෙන් සජීවීව වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

0 comments