නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි.
අනතුරක් සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස් ගණනක් පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස් යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්‌ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස් යකා බව පවසමින් දහස් ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්‌මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස් ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක් මෙනි. පසුගියදා දෙතුන් දහසක් පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්‌ඩින් දෙතුන් දහසක් මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස් ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්‌ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්‌ඩින් එකෙක්‌වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ.
ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක් නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක් බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක් දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක් එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්‌ඩින්ව පාරට බැස පිස්‌සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක් ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක් ජායාරූපයක් හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය.
මේ සියල්ලන්ම මැද නවීන් පෙන්නුවේ උතුම් ආදර්ශයකි. ආරක්‌ෂක අංශවලට ජාති බේදයක් නොමැති බවය. ගුවන් හමුදාවේ නිලධාරීන්ද දිවි කැප කොට ජනතාව වෙනුවෙන් කැප වෙන බවය. සිංහලයා කවදාවත් ජාතිබේද සොයන්නේ නැතිව මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන බවය. ඒ නිසා මාධ්‍යයට වසන් කළ දේ ඉරිදා දිවයිනෙන් වසන් කිරීමට නොහැකි විය. ඒ නිසා එම මහා හපන්කම කළ ඒ වීර ගුවන් භටයාටත් සමස්‌ත ගුවන් හමුදාවටත් උපහාර පිණිස අපි මෙසේ එය සටහන් කළෙමු.









0 comments