ස්වර්ණවාහිනියට මොකද උනේ????

කතාව මෙන්න.

ස්වර්ණවාහිනිය අර්ජුන ඇලෝසියස් විසින් මිලදී ගත් බවත් ස්වර්ණවාහිනි ඉඩම් වෙනත් සමාගමකට විකුණා ඇති බවත් පසුගිය කාලයේ වාර්තා විය. ඒ පිලිබදව සවිස්තර වාර්තාවක් ඔබ වෙත ගෙන එන්නට අපි හිතුවා.

ස්වර්ණවාහිනි ඇතුලු eap මාද්ය ජාලය අයත් වන්නේ eap holdings සමූහයට. එසේම එදිරිසිංහ වරුන් සතුව පැවති මෙම ආයතනය දැන් අයත්වන්නේ ශ්රී ලංකා මහබැංකුවටයි.
Eti finans සමාගම සතු රුපියල් බිලියන දෙකකට අදික මුදලක් අතුරුදන්වීමත් සමග කඩා වැටීමට ආසන්න වූ එම සමාගම මහ බැංකුව විසින් පවරා ගනු ලබනවා.

අප මේ පිලිබදව ශ්රි ලංකා මහ බැංකුවෙන්ද විමසා සිටියා.
එහිදී මහබැංකු ප්රකාශකයෙකු සදහන් කලේ ස්වර්ණවාහිනිය හා අදාල දේපල පිලිබද ව තීරණය කිරීමට මහබැංකුවට හැකි බවයි. ඒ අනුවයි ස්වර්ණවාහිනී හා ඊ ඒ පී ගොඩනැගිලි කිහිපයක් එල් බී ෆිනෑන්ස් සමාගමට විකුණා දමන්නේ. එහි අරමුණ පාඩු පියවීම බවද සදහන්.

මේ අතරතුරයි අර්ජුන් ඇලෝසියස්ලා මේ හා සම්බන්ධ වන්නේ. ස්වර්ණවාහිනිය හෝ කිසිදු මාද්ය ආයතනයක් විකුණා දැමීමට නීතියෙන් ඉඩ නෑ.

එහෙනම් කොහොමද ඇලෝසියස් ස්වර්ණවාහිනිය ගත්තෙ?

ඔව්. ඒ මෙහෙමයි.

ඊ ඒ පී සමාගමෙන් හොරකම් වූ බිලියන දෙකකට අදික මුදල ඇලෝසියස්ලා ලබා දෙනවා. ඒ හරහා ඔවුන් ස්වර්ණවාහිනි කොටස්කරුවන් වනවා. මහබැංකුව තවමත් නිල නොවන වශයෙන් වුවත් ඇලෝසියස්ලා සතුවයි පවතින්නේ. ඉතින් එතකොට ස්වර්ණවාහිනිය නිකම්ම විකිනිලා ඉවරයි.

එල් බී ෆිනෑන්ස් කියන්නෙත් රාජපක්ශ සමයේ පටන් මූල්ය වංචා වලට හවුල් වූ ආයතනවක්. වාර්තා වන අන්දමට මහබැංකුවේ මැදිහත්වීම මත එල් බී ෆිනෑන්ස් දැන් ඇලෝසියස් හිතවාදි වෙලා කියලයි කියන්නෙ.

එතකොට ඉඩම වික්කෙත් ඇලෝසියස්ලටම තමයි.
Copy By -  Ceylon Media Community

0 comments