உதயம் TV(උදයම් TV) Dialog සමඟ පර්යේෂණ විකාශය අරඹයි..

සීමාසහිත සතීෂ් ඒජන්සි පුද්ගලික සමාගමට අයත් දමිළ රූපවාහිනී නාලීකාව වන உதயம் TV නාලිකාව සිය පර්යේෂණ විකාශය ඩයලොග් නාලිකා අංක 135 ඔස්සේ අරඹයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දමිළ HD නාලිකාව වන உதயம் නාලිකාව පසුගිය වසරේ සිට සිය අත්හදා බැලීම් වෙබ් විකාශයක් ලෙස දියත් කළේය.

බස්නාහිර සඳහා HNB සම්ප්‍රේෂණ ඔස්සේ UHF 54 න් සිය පර්යේෂණ විකාශය ආරම්භ කළේ ද පසුගිය වසරේදීය.එය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඉදිරියේ දී සාමාන්‍ය රූපවාහිනී නාලිකාවක් ලෙස දිවයින පුරා විකාශය ද අරඹන බව உதயம் TV නිළ face book පිටුව තොරතුරු වාර්තා කොට තිබේ.

එසේම Cable TV නාලීකාවක් ලෙස ද නාලිකාව ආරම්භ කිරීම අරමුණයි.

உதயம் TV ශ්‍රී ලංකාවේ ප්‍රථම දමිළ HD නාලිකාව ලෙස සඳහන් කළද 2017 ජනවාරී 07 වන දින Dan Music HD නම් නාලිකාව මෙරට ප්‍රථම දමිළ රූපවාහිනී නාලිකාව ලෙස වැඩකටයුතු දැනටමත් ආරම්භ කොට තිබේ.එය Ask Media Network අනුබද්ධිත Disk Asia Network සතු රූපවාහිනී නාලිකාවකි.

0 comments