පෙබරවාරි පළමු වනදා සිට ලොතරැයි පතක නව මිල මෙන්න

පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කළේය.

මීට පෙර ලොතරැයිපතක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ලොතරැයි අලෙවිකරුවන් සහ නියෝජිතයන් දැක්වූයේ දැඩි විරෝධයක්.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබුණේ ලොතරැයි පතක් පෙර පැවැති රුපියල් 20ක මිලට අලෙවි කරන ලෙසයි.

0 comments