හච් සිම්පත් දැන් අන්තර්ජාලෙන් ගෙදරටම එයි

ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සේවා සපයන්නෙකු වන හච් විසින් තවත් සේවයක් සිය පාරිභෝගිකයන් හට හඳුන්වාදී තිබේ.

ඒ, අන්තර්ජාලය ඔස්සේ හච් සිම්පත් ඇණවුම් කර එය නොමිලේ ම නිවෙසටම ගෙනවිත් දෙන සේවයක් සමගිනි.

මෙම ‘Online SIM Order and Delivery’ සේවාව ලබාගැනීමට කළ යුතු වන්නේ අන්තර්ජාලය ඔස්සේ සරල ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීම පමණි.

නිවසට සිම්පත ලැබී සැනින් එය සක්‍රීය ව ක්‍රියා කරනු ඇති බවත්, හඳුන්වාදීමේ පැකේජයක් ලෙස විශේෂ පහසුකම් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් හච් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ වන විට කොළඔ හා ගම්පහ ප්‍රදේශ වල දියත් කර තිබෙන මෙම සේවාව, ලැබෙන ප්‍රතිචාර හා ඉල්ලුම අනුව එය දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට ද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව හච් සමාගම බවසයි

0 comments