බුදු සසුන වෙනුවෙන් සියලු වගකීම් ඉටුකරන බව ජනපති කියයි
ඒ, ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්වූ අවස්ථාවේදියි.
මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක්වුණා.
විහාරස්ථාන මුල්කරගත් තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබෙනවා.
දහම් පාසල් අධ්‍යාපනය සඳහා විෂය මාලා සංවර්ධනය කිරීම මෙන්ම එය ශක්තිමත් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.









0 comments