පුද්ගල ඝාතනයකට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට

අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් තුළ දී පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු මිරිහාන විශේෂ විමර්ශනය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පසුගිය මස 17 වන දා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී අපරාධ සඳහා යොදා ගත් යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ සිම් කාඩ්පතක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments