ස්වර්ණවාහිනිය මූල්‍ය අර්බුදයක

මරු ගොසිප් වෙබ් අඩවියට ඊ මේල් ලිපියක්..
ලිපිය ලබන්නා-මරු ගොසිප් වෙබ් අඩවිය
ලිපිය යොමුකරන්නා-dreamstudioproductions1@gmail.com
ලිපියේ සඳහන් කරුණු මූලික කරුණු
1.ස්වර්ණවාහිනිය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇත
2.2016 විකාශය අවසන් කළ සියලු ටෙලිනාට්‍ය සඳහා මුදල් ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇත.
ලිපිය මෙන්න
"පවතින දැඩි මුල්‍ය අර්බුදය නිසාම ******* වී ඇති ස්වර්ණවාහිනිය කොළඹ 03 පිහිටි සිය ගොඩනැගිල්ල ***** විකුණා දැමුවේය. මේ වන විට වැල්ලවත්ත Savoy හා රාජගිරිය Impal වැනි ගොඩනැගිලි විකිණීම සදහා Lanka Property හී දැන්වීම් පළ කර ඇත. මේ අතර මැතක දී කිසිදු රූපවාහිනී අත්දැක්මක් නොමැති වසර 12ක් රැකියාවක් නොමැතිව සිටි ******* නැමැත්තෙක් නව ප්‍රධාන විධායක නිලධාරිය ලෙස පත්වී ආ පසු අර්බුද 02ක් පැන නැගී ඇත. එනම් සේවක සේවිකාවන් ඉන් ඉවත්ව යාමත්. 2016 වසරේ විකාශනය වී අවසන් වූ සියලුම ටෙලිනාට්‍ය සදහා මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීද ඇත. මේ හේතුවෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදනකරුවන් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටිති. එම නිෂ්පාදන සදහා දායකත්වය සැපයූ රංගන ශිල්පීන් තාක්ෂනික ශිල්පීන් හට මුදල් නොලැබීම හේතුවෙන් ඔවුන් අසරණ තත්ත්වයට පත් වී ඇත. මෙම තත්ත්වය තුල නිෂ්පාදකවරුන් හවුලක් වශයෙන් එක්ව දැඩි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රියාකරමින් සිටී. විශ්වාස කටයුතු ආරංචි මාර්ග පරිදි මේ වන විට ස්වර්ණවාහිනියට එන්තරවාසි 05ක් ලැබී ඇති අතර එයින් 02ක පිටපත් අප වෙත ලැබී තිබේ. මේ අතරින් එක් නිෂ්පාදවරයෙකු එළෙඹෙන සතියේදී ගල්කිස්ස දිසා අධිකරණයේදී නඩුවක් පැවරීමට සූදානම්ව සිටිති.
මුදල් ගෙවා ගැනීමට නොහැකි දැඩි අපහසුතාවය නිසාම සභාපති වරයා වශයෙන් කටයුතු කරන ********** මහතා 2017 මාර්තු 31වන දා සේවයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබේ. මේ අතර ටෙලිනාට්‍ය කරුවන්ට අදාල චෙක්පත් තමන්ගේ සාක්කුවේ දමාගෙන ඇති ප්‍රධාන විධායක නිලධාරියා පිටකොටුව **** ව්‍යාපාරයේ එම චෙක්පත් මාරුකර ගැනීමට උත්සහ දරා ඇති බව අපට ආරංචි ව තිබේ. ඒ වගේම දැඩි මුල්‍ය අර්බුදය හමුවේ ස්වර්ණවාහිනී ****** හට විශාල වැටුපක් ගෙවන බවද දැන ගන්නට ලැබේ.
අද උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිත ප්‍රවෟත්ති වැඩසටහන දැඩි සේවක විරෝධතා නිසා පාලන අධිකාරියට අතහැර දැමීමට සිදුවිය"
මරු ගොසිප් වෙබ් අඩවි වාර්තාවකි.

0 comments