රතුපස්වල සිද්ධියට හමුදා සමාජිකයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
රතුපස්වල ප්‍රදේශයේ විරෝධතාවයට 2013
වසරේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සාමාජිකයන්
තිදෙනෙකු අද(24 දා) අත්අඩංගුවට ගත්බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්
කරයි.
මේ සිදුවීමට අදාලව ඔවුන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අත්අඩංගුවටපත් තිදෙනා අද ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.









0 comments