අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අපර භාග 7.40 ට ඇරඹෙයි

අවුරුදු  නැකත් චාරිත්‍රවලට අනුව පුණ්‍ය කාලය අද අපර භාග 7.40ට ආරම්භ වනවා.
හෙට පූර්ව භාග 08.28 දක්වා පුණ්‍ය කාලය ක්‍රියාත්මක වන බවයි අලුත් අවුරුදු නැකත් පත්‍රයේ දැක්වෙන්නේ.
පුණ්‍ය කාලයේ අපර කොටස වන හෙට අළුයම 02.04ට අලුත් අවුරුදු උදාව සිදු වනවා.
ඒ අනුව අපේල් 13 (බ්‍රහස්පත්ජින්දා) අපර භාග 7.40ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත් හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන්නේය.
පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේල් 13 (බ්‍රහස්පත්ජින්දා) අපර භාග 02.04 නොහොත් අපේල් 14 (සිකුරාදා ) පූර්ව  භාග 02.04 සිට පූර්ව  භාග 08.28 දක්වා වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.


0 comments