කාල් වින්සන් මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්

කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා, නෞකාව මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම් බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ යූ.එස්.එස්. කාල් වින්සන් නැමැති එම නෞකාව එක් ප්‍රහාරයකින් මුහුදුබත් කිරීමේ හැකියාව උතුරු කොරියාවට පවතින බවයි.
වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රවාහන කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කළාපය වෙත මෙම සතිය තුළදී ලගා වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
උතුරු කොරියාවේ න්‍යශ්ටික මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකාව සතු මූලෝපායික ඉවසීම අවසානය කරා පැමිණ ඇති බව පවසමින් යූ.එස්.එස්. කාල් වින්සන් නැමැති නෞකාව දියත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කරනු ලැබුවා.

0 comments