සීදුව සකුරා චන්දනගේ මෝටර් රථයට ප්‍රහාරයක්

ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් තමයි සීදුව සකුරා සංගීත තණ්ඩායම. ඉතින් මේ සංගීත කණ්ඩායමේ  නිත්‍ය නිවේදක මෙන්ම ගායකයෙක් විදියටත් වැඩ කරන චන්දනට තමයි මේ ඇබැද්දිය වෙලා තිබ්බෙ.
ආරංචි වුන විදිහට නම් චන්දනගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව කවුරුහරි කුඩු කරලා. ඒ කුඩු කරපු කෙනාගේ ජංගම දුරකතනය අමතක වීමෙන් හරි අත්වැරදීමකින් හරි වාහනය ලග තිබිල චන්දනට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.
ඉතින් චන්දන හරි අපූරු වැඩක් කරල තමයි මේ සිදුවීම කරපු කෙනා කවුද කියල හොයාගෙන තියෙන්නේ.
චන්දන තමන්ගේ නිල Facebook ගිණුමේ සඳහන් කරල තිබ්බා මේ සිදුවීම කරපු කෙනා පුළුවන් ඉක්මනට දැනුම් දෙන්න  නැත්නම් දාල ගියපු Phone එකේ තියන නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කරනවා කියලා.
කොහොමහරි චන්දන ඒ ජංගම දුරකතනය අයිති තමන්ගේ මෝටර් රථයට හානි කරපු කෙනාගේ Facebook Name එකේ ලින්ක් එකත් දැකල තිබ්බා.
කොහොමෙන් කොහොමහරි ගොඩදෙනෙක් චන්දන මේ දීපු ලනුව කෑවා විතරක් නෙමෙයි පමණක් Facebook යාළුවන් හොඳටම බය වෙලත් තිබුණා මේ සිදුවීම දැකලා.
මොකද චන්දන දාපු Facebook Link එකේ යන හැමෝටම පෙන්නන්නේ තමන්ගේම Facebook Name එක.
ඔන්න ඉතින් මේ වගේ විහිළුවලින් බය වුණා නම් ඉතින් බය වෙන්න ඕන වැරදි කරපු මිනිස්සුම තමයි කියල සටහනකුත් චන්දනගේ Facebook ගිණුමේ සඳහන් වෙලා තිබුණා.

0 comments