ස්වර්ණවාහීනිය අපිට සමාවෙන්න.



මේ කතාකරන්න යන්නේ තවත් තිත්ත ඇත්තක්.
Ebc/Etv කඩාගෙන මහ පිරිස් පණිනකොට අපි ඒවා ගැන මහ ඉහළින් කතාකලා.හැබැයි එහෙම කළේ සතුටකින් නොවන බවත් කියන්න ඕන.
දේශීය ටෙලිනාට්‍ය විකාශනය අතින් මුල් තැන හිටපු ස්වර්ණවාහීනිය අද හොඳටම කඩා වැටිලා.
වෙනදා මහ ඉහලින් සමරපු මාර්තු 16 ස්වර්ණවාහීනි සංවත්සරය මෙදාපාර සැමරුවේ නෑ.
වෙනදා අළුත් අවුරුදු නැකතට හැඩවෙන ස්වර්ණවාහීනි සජීව විකාශ මෙදාපාර තිබුනේ නෑ.
මහේන් පෙරේරා ස්වර්ණවාහීනි බාරගත්තා එක්කම ලොකු කඩා වැටීමක් උනබවට වෙබ් අඩවි ලොකු ප්‍රචාර ගෙන ගියා.
ඒත් ඒ සියල්ලෙන් බහුතරය නිර්මාණය කරපු බොරු සහ ස්වර්ණවාහීනි වට්ටන්න නිර්මාණය කරපු කතන්දර බව මේ වෙනකොටත් අපිට ආරංචි වෙනවා.
මාස තුනක් ඇතුළත ස්වර්ණවාහීනි තමන් අතට ගන්න ඩීල් එකේ challenge එක සාර්ථක නොවෙනකොට වෙබ් අඩවි යොදාගෙන බොරු ප්‍රචාරණ හරහා ඒක සාර්ථක කරගන්න තරම් පහත් මාධ්‍ය මාෆියාවක් මේ රටේ ඇතිවෙලා.
අද වෙනකොට ඒ ප්‍රචාරණ කරපු මරු ගොසිප් fb page එක අතුරුදහන්.

Writed By -  සංජීව ජයතිලක

0 comments