සියත 4K නාගත්තා..HD ගාගත්තා..



සියත ගැන අපි දිගින් දිගටම කතා කලා.4K තමා මේ අවුරුද්දේ ලොකුම විහිළුව උනේ.facebook හරහා එල්ල වෙච්ච අපහාස උපහාස මැද අන්තිමට සිද්ධ වුනේ සියතට 4K ලාංඡනය අමතක කරලා දාන්න.
අපි පේජ් එක තුළින් මේ ගැන වාර්තා කලා.සියතේ වාර්තාකරණය වගේම සැබෑව.
සමහර විට අපිට චෝදනා ආවා 4K බොරුව සමාජ ගතකරනවා කියලා.ඒත් වගකීම් සහගත මාධ්‍ය පිටුවක් හැටියට අපිට එක පැත්තක් විතරක් කතාකරන්න බැරිවුනා.
ඒ නිසා අපි සියත මතය වගේම සැබෑවත් ලීවා.ළහිරුගේ ඒ ආර්ටිකල් එක තමා වෙබ් අඩවියක් විසින් fmtvsrilanka නම සහිතව පළකළ පළමු ආර්ටිකල් එක වුනේ.
ළහිරුට ස්තූතියි.
එ් වගේම ස්තූති කරන්න ඕන තව කෙනෙක් ඉන්නවා.ඒ තමා දහම් හාමුදුරුවෝ.
ලංකාවේ සැටලයිට්⁣ වෙනුවෙන් දහම් හාමුදුරුවන්ට,චාමින්ද අයියට,බණ්ඩාර මල්ලව අයියා ඇතුළු නම් ගම් සඳහන් නොකරපු හැමෝටම තියන උනන්දුව ඔය ඉහළ පුටු රත්කරන මැති ඇමතිවරුන්ටයි,නිළධාරින්ටයි තිබුනනම් කොයි තරම් වටිනවාද?
කොහොම උනත් සතුටු වෙන්න පුළුවන්.අන්තිමට සියත 4K අකුළ ගත්ත එක ගැන.
ඇත්තටම ඔය 4K ලෝගෝව දාගන්න ඕන උනේ සියතේ ඕක ගැන දැනුම තියන තාක්ෂණික අංශවල අයට නෙවේ,ඉහළ පුටුවල අයට කියලයි අපිට ආරංචි උනේ.
රටේ HD,4K බොරු වරුෂාවක් එක දිගට මැවෙනකොට අපි මධ්‍යස්ථව උත්සහ කරනවා ඒවා ගැන ලියන්න.
කෙහොම උනත් අන්තිමට සමාජගත වෙන්න ඕන බොරුව නෙවේ ඇත්ත.ඒක විතරයි අපේ අරමුණ.

සංජීව ජයතිලක

0 comments