වනජීවි වෙඩි පහරින් වන අලියකු මියයාම ගැන පරීක්ෂණයක්

වගා ළිඳකට වැටී සිටි වන අලි රංචුවක් මුදා ගැනීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවි නිලධාරියෙකු සිදු කළ වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 16 වනදා වව්නියාව, ඕමන්ත, කොම්බුවයිත්තකුලම ප්‍රදේශයේදී වන අලි සිව් දෙනෙකු වගා ළිඳකට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුවයි ඕමන්ත පොලීසිය සහ වන ජීවි නිලධාරීන් එක්ව එම වන අලින් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ.
ඒ අනුව, එදින පස්වරුවේ වන අලින් දෙදෙනෙකු මුදා ගත් අතර අනෙක් දෙදෙනා ඊයේ දිනයේ මුදා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
එහිදී කළහකාරී ලෙස හැසිරුණු එක් වන අලියෙකු වනජිවි නිලධාරියෙකුට පහර දීමට උත්සහ කිරීම හේතුවෙන් එක් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

0 comments