ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටරයටත් යන්න බැරි තැනක්
ජනාධිපතිවරයා එසේ පැවසුවේ, අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙරට ජනමාධ්‍ය හිමිකරුවන් සහ ඒවායේ ප්රවෘත්ති ප්‍රධානීන් මුණ ගැසුනු අවස්ථාවේදීයි.
පැවති ආණ්ඩුව පෝට් සිටි ව්‍යාපෘතිය යටතේ චීනයට සින්නක්කරව ඉඩම් ලබා දී තිබු බැවින් එම ඉඩම් වලට ඉහළින් හෙලිකොප්ටරයක් හෝ පියාසර කරන්නේ නම් චීනයෙන් අවසර ගත යුතු තත්ත්වයක් පැවති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.
පැරණි ගිවිසුමට අනුව හෙක්ටයාර් 200 ක් චීනයට සින්නක්කරව ලබා දී තිබු අතර මේ වන විට එම ගිවිසුම සම්පුර්ණයෙන්ම අවලංගු කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
නව ගිවිසුම අනුව බදු පදනම යටතේ අදාල ඉඩම් නිදහස් කෙරෙන අතර චීන රජය සමඟ ඒ පිළිබඳ නව ගිවිසුමටද අත්සන් තබා අවසන් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
0 comments