මෝටර් රථයක් සිපගෙන ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික කාන්තාව
එරට ගුවන් විදුලි නාලිකාවක් කියා මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීමේ තරගය සංවිධානය කර තිබු අතර අදාල කාන්තාව පැය 50 ක කාලයක් එය සිප ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සෑම පැයකට වරක් විනාඩි 10 ක විවේක කාලයක් ඇයට හිමිව තිබෙනවා.30 හැවිරිදි වියේ පසුවන දිලිනි ජයසුරිය නැමැති ඇය අමෙරිකාවේ සෞඛ්‍ය රසායනාගාරයක සේවය කරන බවටයි වාර්තා වන්නේ.
සිය සැමියා සමඟ එකම මෝටර් රථය බෙදාහදා ගැනීමට සිදුවීමත් එය නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙනුත් ඇය මෙම තරගය සඳහා සහභාගී වී තිබෙනවා.
ඇයට හිමි මෝටර් රථයේ වටිනාකම ඩොලර් විසිතුන්දහස් එකසිය අටක් වන අතර තරගකරුවන් 6 දෙනෙකු ඊට එක්ව ඇති බව සඳහන්.
0 comments