සිරියාවේ අසාද් අල්ලන්න පෙන්ටගනයෙන් කොන්ත්‍රාත්තුවක්
සිරියාවේ හමුදා විසින් කැරලිකරුවන් සහිත ප්‍රදේශයකට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි වාර්තා වුයේ. කෙසේ වෙතත් ප්‍රහාරය සාමාන්‍ය වැසියන් සහිත ප්‍රදේශයකට එල්ල වී ඇති අතර ඉන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් මියගොස් 400කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුනා.
ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව විසින් සිරියාවේ ගුවන් හමුදා ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.
සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ද ට්‍රම්ප්ට උපදෙස් ලබාදුන්නේ සිය සහෝදරියක වන ඉවෙන්කා ට්‍රම්ප් බව එරික් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ තිදරු මවක් වූ ඉවෙන්කා ට්‍රම්ප් - සිරියානු ගැටුම් පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසූ බවයි.
ඒ හේතුවෙන් ඇය සිරියාවට එරෙහිව සිදු කරනු ලබන ප්‍රහාර තර කිරීම සඳහා සිය පියාට උපදෙස් මෙන්ම දිරිමත් කිරීම් සිදු කළ බව හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.
ඉවෙන්කා ට්‍රම්ප්ගේ අදහස්වලට සිය පියා නතු කර ගැනීමේ හැකියාව ඇය සතුව පවතින බවයි එරික් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඉවෙන්කා ට්‍රම්ප් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දේශපාලන කටයුතුවලදී නිල නොලත් උපදේශිකාවක ලෙස සහය ලබාදෙනු ලබනවා.









0 comments