මලාලා ට ජගත් සංවිධාන තනතුරක්
ඇයට ජගත් සංවිධාන නියෝජිත තනතුර පිරිනැමුණේ නිව්යෝක් නුවර ඊයේ පැවැති උත්සවයකදියි.
ඇයට විශේෂයෙන් පැවරෙන්නේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනයයි.
19 හැවිරිදි මලාලා මේ වන විට එක්සත් රජධානියේ උසස් පෙළ හදාරමින් සිටිනවා.
පාකිස්තානයේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නැගීම නිසා මලාලා 2012 වසරේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ අතර, දිවි ගලවා ගත් ඇයට රැකවරණ ලබාදීමට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වුණා.









0 comments