ලක්‍ෂ 80ක දුම්කුඩු සහ බීඩි කොළ කිලෝ 2000ක් අල්ලයි

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්කුඩු කුප්පි 30,000 ක්, බීඩි කොළ කිලෝග්‍රෑම් 2000ක් සහ සපත්තු තොගයක් පෑලියගොඩ රේගු අංගනයේ සිදු කළ වැටලීමක දී රේගූ භාරයට ගෙන තිබෙනවා.
ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 80ක් පමණ  වන බව සඳහන්.
ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට මෙරටට ගෙන් වන ලද භාණ්ඩ පරීක්‍ෂා කිරීමේදී එහි තිබී එම ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
රෙදි  බව පවසමින්  දුම්කුඩු කුප්පි, බීඩිකොල සහ සපත්තු තොගය දිවයිනට ගෙන්වා ඇත්තේ පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුයි.

0 comments