කරකාර බදින්නට කෙල්ලො නැති දූපත -ෆැරෝ-
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කාන්තාවන් නොමැති වීම හේතුවෙන් තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් සොයාගැනීමට ෆැරෝ පුරුෂයින් පුරුදු වී සිටින බවයි.
මෙහි විශේෂත්වය වන්නේ බොහෝ ෆැරෝ පුරුෂයින්ට තම සහකාරිය හමුව ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ යි.
ඩෙන්මාර්කයට නිළ වශයෙන් අයිති වන ෆැරෝ දූපත පිහිටා ඇත්තේ නෝර්වේ රාජ්‍ය සහ අයිස්ලන්තය අතර යි.
මුළු ජනගහණය පනස් දහසක් පමණ වන ෆැරෝ දූපත් 18 තුළ ජීවත් වන තායිලන්ත සහ පිලිපීන ජාතික කාන්තාවන් සංඛ්‍යාව 300කට අධිකයි.
අධ්‍යාපනය සඳහා විදේශගත වන තරුණ තරුණියන් යලි සිය රටට නොපැමිණිම හේතුවෙන් ෆැරෝ දූපත් ජනගහණය අඩු වී ඇති බව සඳහන්.
අයිස්ලන්තයේ පවතින ශීත දේශගුණය ෆැරෝ දූපත්වල නොපැවතිය ද එරට උෂ්ණ කාලයේ දී සෙන්ටිග්‍රේඞ් අංශක 16ක පමණ උණුසුමක් පවතින බව සඳහන්.
0 comments