ගීතාගේ විවාහය දෙදරයි ද?
මහින්දානන්ද අලුත්ගමගේ මහතා යළි යුග දිවියට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමගයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ 'අලුත් දීගේ' ගැන උණුසුම තියෙද්දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ විවාහය සම්බන්ධයෙන් යම් යම් නෝක්කාඩු ඇතිව තිබෙනවා. 30 වසරක විවාහ දිවියට පහරක් එල්ල වී ඇති බවයි ඇය කියා සිටින්නේ.
ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසි භාවය ගැන පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක්වුනා.
ද්විත්ව පුරවැසි භාවය තිබියදී පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කර තේරී පත් වු ගීතා කුමාරසිංහ මහත්මියගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී බවට පවසමින් පෙත්සමකුත් ගොනු කර තිබුනා. ඒ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් 5 දෙනෙක් විසින්.
ශ්‍රී ලංකාවේ සහ ස්විස්ට්ර්ලන්තයේ ද්විත්ව පුරවැසි භාවය ඇති ප්‍රවීන නිළි ගීතා කුමරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත් වීම 19වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනවලට අනුව ව්‍යවස්ථා විරෝධී බවත් එබැවින් ඇයගේ තේරී පත්වීමද ව්‍යවස්ථා විරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙසටත් ගාල්ලේ පෙත්සම්කරුවන් ඉල්ලා තිබුනා.
ඒ කරුණු කාරණා කෙසේ වෙතත් තමනට තිබූ ස්විස්ට්ර්ලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීම නිසා විවාහය දෙදරුම් කා ඇති බව ගීතා කුමරසිංහ මහත්මිය පවසනවා. ස්විස්ට්ර්ලන්තයේ කෝටි ගණනක දේපළ ද අහිමිව ඇති බව සහ සැමියාද දැඩිව උරණව සිටින බවද ඇය කියා සිටියා.
0 comments