කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකිලියට සියල්ල සූදානම්! (Exclusive)

කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකිලිය හෙවත් Colombo Pride මෙවර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සූදානමක් පවතින බව තොරතුරු අනාවරණය වී තිබේ.
එලඹෙන ජූනි 15 සිට 25 දක්වා දින දහයක් පුරා Goethe ආයතනයේ සහ ගල්කිස්ස මවුන් ලෙවෙනියා හෝටලයේ මෙම උළෙලේ ප්‍රසිද්ද රැස්වීම් පැවැත්වෙන අතර ඊට සමඟාමීව පුරුෂ සහ ස්ත්‍රී සමලිංගික සාද රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
විධායක මට්ටමේ සාකච්ජා, සංගීත සහ නැටුම් සංදර්ශණ, චිත්‍රපට දර්ශණ ඇතුලු විවිධ මට්ටමේ අවස්ථා රැසකින් මෙම සැණකිලිය වර්ණවත් වේ.
විදේශ රටවල් කිහිපයක තානාපති කාර්‍යාල සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක දායකත්වය මෙයට හිමිවේ.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික  හා ආගමික පසුබිම අනුව සමලිංගිකත්වය දැඩි පිළිකුලට ලක්වන කරුණක් වන අතර මෙවර මෙම සැණකිලියද සමාජයේ දැඩි විරෝධයක් ඇති වනු ඇතැයි සැළකේ.


0 comments