ඡායාරූපය SHARE කළේ "කලා" නිර්මාණයක් නිසා

ජේතවනාරාම දාගැබට කසල පුරවන ලද ඡායාරූපයක් ෆේස්බුක් ගිණුම තුළ ප්‍රචාරය කිරීම පිළිබඳව ජාතික හෙළ උරුමය නව පරපුරේ රංගන ශිල්පීණී සමනලී ෆොන්සේකාට ඇතුළු පිරිසකට එරෙහිව පොලිස්පතිවරයාට යැවු ලිපිය මේ වන විට සමාජ වෙබ් අඩවි තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා.
මෙවැනි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමෙන් බෙදා හැරීම පිළිබඳව නිවුස් 24 සමනලී ෆොන්සේකාගෙන් සෘජුව ප්‍රශ්න කළා.
මේ ඇය ඊට ලබාදුන් පිළිතුරයි.
 “පලවෙනිම කාරණාව තමයි මේ කාරණාව සමිබන්ධයෙන් මගේ සම්බන්ධයක් නෑ.
ඒ නිසා මේ චෝදනා කරන කිසිම පාර්ශවයකට මට ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන නෑ.
මෙහෙමයි ඒක කලා නිර්මාණයක් මේ සිදුවීමට මගේ සෘජු සම්බන්ධයක් නැහැ මේ කලා නිර්මාණයට
ඉතිං ඒක හින්දා ඔය චෝදනා කරන කිසිම පාර්ශවයකට මට මෙහෙම ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන නැ.
හැබැයි මෙහෙයම් මේ සිදුවීම ගැන මොකක් හරි යම් ආයනයකින් යම්කිසි විමර්ශනයක් සිදුවුවහොත් මං එහිදී එම ආයතනයට හෝ පුද්ගලයන්ට මගේ ප්‍රකාශය ප්‍රකාශ කිරීමට සුදානම්.”

0 comments