පළමු කසාදයට දුන් වන්දිය ඩිල්ෂාන් හෙළිකරයි
නඩු
දිනය නිවැරදිව සටහන් කර නොගැනීම නිසා අධිකරණයට පැමිණීම පමා වූ බව තිලකරත්න
ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයේදී ප්‍රකාශ කළා. පළමු
විවාහයේ නඩත්තු සම්බන්ධයෙන් වන නඩුවක් නිසා ඩිල්ෂාන්ට මෙලෙස අධිකරණයේ පෙනී
සිටින ලෙස මීට පෙර දන්වා තිබුණා. එහෙත් තමාට අද අධිකරණයට භාරවීමට හේතුවූයේ
අදාළ දිනය අතපසුවීමෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක
තිලකරත්න ඩිල්ෂාන් පැවසුවා.
කෙසේ වෙතත් නඩුවට පෙනී නොසිටීමට හේතුව තමන්ගේ නීතිඥවරයා අතින් වූ සුළු අතපසුවීමක් බවත් අධිකරණයට ගරු කරමින් නීතිඥවරයා විසින් එය පැහැදිලි කළ බවත් එහිදි තමන්ට නිකුත් කළ නියෝගය අහෝසි කර නැවත ඊළඟ නඩු දිනයට උසාවියේ පෙනී සිටින ලෙසත් අධිකරණය පැවසූ බවයි ඩිල්ෂාන් පවසන්නේ.
තමා පළමු කසාදයෙන් නිත්‍යානුකූලව වෙන්වූයේ අදාළ කාන්තාවට ලක්ෂ 300 ක මුදලක් ලබාදීමෙන් බවත් මිට අමතරව දරුවා වෙනුවෙන් 40,000 මුදලක් තවමත් මාසිකව ලබාදෙන බවයි ඩිල්ෂාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇතතේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාව ඉල්ලන පරිදි තමා මහන්සියෙන් ඉපැයූ මුදල් නිකරුනේ දිය නොහැකි බවත් ඩිල්ෂාන් සඳහන් කර තිබෙනවා.

0 comments