119ට රටම හොල්ලන ඇමතුමක් ඇවිල්ලා
ජනාධිපති නිල නිවෙස වටලා කුඩු කරන
බවට ලද තර්ජනාත්මක දුරකථන ඇමැතුමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ
බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඊයේ (24දා)
දක්වා සිටියේය.
පොලිස් හදිසි ඇමැතුම් අංශයට (119) ලද එම
තර්ජනාත්මක දුරකථන ඇමැතුම පිළිබද එම අංශයේ ස්ථානාධිපතිවරයා කුරුදුවත්ත
පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
පෙරේදා (23දා) දින පොලිස් හදිසි ඇමැතුම්
අංශය වෙත එම තර්ජනාත්මක දුරකතන ඇමැතුම් ලැබී ඇතැයි දන්වා සිටි පොලීසිය අදාළ
ඇමැතුම දුන් පුද්ගලයා ජනාධිපතිතුමා සුළු ජාතීන්ට අදින පුද්ගලයකු බවත්, අද
දින රාත්රී ජනාධිපති නිල නිවෙස හාමුදුරුවන් සමග වටලා කුඩු කරන බවත් සදහන්
කරමින් තර්ජනයක් එල්ල කර ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.
0 comments