ලෝක කම්කරැ දිනය අදයි.දිවයින පුරා මැයි රැළි (දේශපාලන පක්ෂ රැළි) 16ක්.

මැයි දිනය උත්කර්ශවත් සහ අභිමානවත් ලෙස සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක සංවිධාන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින් මැයි රැළි 16 ක් පැවැත්වීමට නියමිතයි.
අද දිනයේ පැවැත්වීමට නියමිත එම මැයි දින සැමරුම් පිළිබඳ නිවුස් 24 ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළා.
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය සංවිධාන කරන මැයි දින රැළිය “එක මිටට - හරි අතට” යන තේමාවෙන්  පැවැත්වීමට නියමිතයි.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රිඩාංගනයේදී එය පැවැත්වීමට  සියළු කටයුතු සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය, “දිනන ජනතාවගේ මැයි රැළිය” යන තේමාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බවයි පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් “වැඩ බිම, ගොවි බිම, මව් බිම සුරකින - නොනවතින අරගලය” යන තේමාවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ ගාලු මුවදොර පිටියේදීයි.
මෙවර ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු දින සැමරුම් රැළිය “ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජනබලය ගොඩනගන රතු මැයි රැළිය” යන තේමාවෙන් නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ, කොළඹ බී.ආර්.සී. පිටියේදීයි.

 අවසන  අපි එක් කරැනක් පමනක් සදහන් කරමු. වත්මන් ලංකාවේ සැබැ ලෙසම කම්කරැවාගේත් පිඩිතයාගේත් දිනය වු අද දින සැබැ ලෙසම එහි අයිතිය වැඩකරන ඡනතාවටද. නැත සහෝදරවරැනි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව තම තමන්ගේ බලය උරගා බලන තවත් එක් දිනක් පමනි.

අව්වට වැස්සට හුරැ මිනිසුන්නේ උන්ගේ සවියෙනි රටවල්            නැගුනේ
ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රඡ මැදුරෙද සුදු කොඩි   නැගුනේ


0 comments