ඇමැති මාරුව අනිද්දා - එජාප ප්රබලයෝ 3ක් ආණ්ඩුවෙන් එළියට.
මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඊයේ (16 දා) කළ විමසුමකදී එහි ප්රකාශකයෙක් කියා සිටියේ වෙනස්කම් සිදුවන ඇමැති තනතුරු සම්බන්ධව තමන්ට කිසිවක් ප්රකාශ කළ නොහැකි බවත් ඇමැති මණ්ඩල සංශෝධනය 19 වැනිදා සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත්ය.
මෙම ඇමැති මණ්ඩල සංශෝධනය මෙම සතිය ආරම්භයේ සිදුකිරීමට නියමිතව තිබුණත් අගමැති රනිල් වික්රමසිංහ මහතා විදේශ සංචාරයක නිරතව සිටි නිසා එය ප්රමාද වූ බව ද එම ප්රකාශකයා වැඩිදුරටත් කීය.
මේ අතර ඇමැති මණ්ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක් සිදුකළහොත් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්රබල ඇමැතිවරු තිදෙනෙක් තීරණය කර ඇත.
හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්ෂ මූලස්ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටිති.
මේ අතර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකරනවාට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇත.
0 comments