ත්‍රස්තවාදීන්ගේ නම් ගල්වල කොටා මුල්ලිවයික්කාල් යුද ස්මාරකය අසල තැන්පත් කිරීමේ සූදානමක්
පළමු අදියර යටතේ අවසන් යුද්ධයෙන් මියගිය එල්.ටි.ටී.ඊ.යට සම්බන්ධ පුද්ගලයින් 500 දෙනෙකු නම් හා වයස ගල් පුවරු 500 ක කොටා සැමරුම සකස් කරන බවයි වාර්තා වන්නේ.
එසේම යුද්ධයෙන් මියගිය තම සහෝදර ජනතාව සිහිවීම වෙනුවේ මෙලෙස ගලින් සකස් කළ ස්මාරක සකසන බවටද තොරතුරු වාර්තා වනවා.
අදාළ ගල් පුවරු සකස් කිරීම මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර කිතුණු දේවස්ථානය අභියසදි මේ දිනවල සිදුකරනු ලබන බවයි වාරතා වන්නේ.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ මුල්ලිවයික්කාල් සැමරුම හෙට(18) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි පැවැත්වීමට නියමිතයි.
0 comments