කෝටිපතියාගෙන් නඩත්තු ඉල්ලා 4 වන අනියම් බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක්
අවුරුදු එක හමාරක පමණ වයසැති දරුවෙක් තමාට සිටින බවත් කෝටිපති ව්‍යාපාරිකයා විසින් තමන්ට කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් එම කාන්තාව පැමිණිල්ලේ සටහන් කර තිබුණා.
ඒ අනුව කෝටිපති ව්‍යාපාරිකයා ඉකුත් 7 වැනිදා බොරැල්ල පොලිස් ස්ථානයේ පෙනී සිට තිබෙනවා.
ඒ, අවුරුදු 29ක් පමණ වයස ගැබිණි කාන්තාවක්ද සමඟයි.
පොලිස් ස්ථානාධිපතිවරයා විමර්ශනය ආරම්භ කළ අවස්ථාවේදී අදාල කෝටිපති ව්‍යාපාරිකයාගෙන් එම කාන්තාව කවුරුන්ද යන්න විමසා තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ, ඇය තමාගේ හයවන අනියම් බිරිඳ බවයි.
නීත්‍යානුකුල විවාහක බිරිඳට දරුවන් දෙදෙනෙකුද, පළමුවන අනියම් බිරිඳට දරුවන් දෙදෙනෙකුද, දෙවන අනියම් බිරිදට එක් දරුවෙකුද, තුන්වන අනියම් බිරිඳට දරුවන් දෙදෙනෙකුද, හතරවන අනියම් බිරිඳට (පැමිණිලිකාර) එක් දරුවෙකුද වශයෙන් දරුවන් හත් දෙනෙකු සිටින බවත් පැමිණිල්ලේ සටහන් වී තිබෙනවා.
එම පැමිණිල්ලේ සහභාගි වෙමින් හතරවන අනියම් බිරිඳ පවසා ඇත්තේ.
“මටයි දරු පැටියටයි ජීවත් වෙන්න මාස්පතා මුදලක් දෙන්න කියල ඉල්ලුවා. මෙයා කෝටිපති ව්‍යාපාරිකයෙක්. යහමින් සල්ලි තියෙනවා. ඒත් සත 5ක් වත් මට දුන්නේ නැහැ”
කෝටිපති ව්‍යාපාරිකයාගෙන් නඩත්තු ඉල්ලා අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කරන ලෙස පොලිසිය එම කාන්තාවට උපදෙස් දී ඇති අතර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසියේ අවවාද මත මුදා හැර තිබුණා.
(උපුටා ගැනීම - ලංකාදීප පුවත්පතේ ශ්‍රී නාත් ප්‍රසන්න ජයසුරියගේ ලිපියෙන්)
0 comments