රූපවාහිනී නිවේදිකාව පැහැරගෙන ගොස් නිරුවත් කර ඡායාරූප අරන්
විද්යුත්
නාලිකාවක රූමත නිවේදිකාවකට හා වැඩසටහන් නිෂ්පාදකවරයකුට ඉකුත් සිකුරාදා
(19) රාත්රී මහරගම ඇරැව්වල රත්මලදෙනිය ප්රදේශයේදී නාඳුනන සිව්දෙනෙකු
අවියක් අල්ලකර සුදු පාටට හුරු වෑන් රථයකින් පැහැරගෙන ගොස් නිවේදිකාව
නිරුවත් කර ඡායාරූප ගෙන කොට්ටාව මාලපල්ල දුම්රිය ස්ථානය අසල දමාගොස් ඇතැයි
මහරගම පොලීසිය පවසනවා.
පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් නිවේදිකාවගේ කරාබු දෙක, කර මාලය, මුදල් පසුම්බිය හා ජංගම දුරකථනයද වැඩසටහන් නිෂ්පාදකවරයා පැළඳ සිටි මාලය මෙන්ම ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය කොල්ලකා ඇති බව පොලීසිය පවසනවා.
එක් රන් මාලයක් වටිනාකම රුපියල් එක් ලක්ෂ පනස් දහසකි.
එම විද්යුත් නාලිකාවේ ප්රසිද්ධ වැඩසටහනක පෙරහුරුවකට සහබාගි වී වැඩසටහන් නිෂ්පාදකවරයාට අයත් මෝටර් රථයෙන් ඇරැව්වල නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලීසිය පවසනවා.
නිවේදිකාව සමග වැඩසටහන් නිෂ්පාදකවරයා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී ඇරැව්වල රත්මල්දෙනිය හන්දියට මීටර පන්සියයක් පමණ ආසන්නයේදී සුදු පාටට හුරු වෑන් රථයක් ඔවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථයට මග හරස් කර නවතා එයින් බැස ආ පුද්ගලය්න දෙදෙනාගෙන් අයෙකු මෝටර් රථය පදවාගෙන ආ වැඩසටහන් නිෂ්පාදකට ගිනි අවිය එල්ල කර මෝටර් රථයෙන් පිටතට ගනිද්දි අනෙක් පුද්ගලයා නිවේදිකාවද මෝටර රථයෙන් පිටතට ගෙන ඔවුන් පැමිණි වෑන් රථයේ පිටුපස අසුනට දමාගෙන පැහැරගෙන ගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
වෑන් රථය පැය භාගයක් පැයක් ඇතුළත කාලයක් තුළදී කිසියම් ස්ථානයක නවතා නිවේදිකාව හා වැඩසටහන් නිෂ්පාදකරවාය එයින් බස්සවා කාමරයකට රැගෙන ගොස් වැඩසටහන් නිෂ්පාදක ඉදිරිපිටදී නිවේදිකාව නිරුවත් කර එක් පුද්ගලයකු ජංගම දුරකථනයකින් ඡායාරූප රැසක් ලබාගෙන ඇති බව සිද්ධියට මුහුණ පෑ නිවේදිකාව පොලිසියට කළ ප්රකාශයේ සඳහන් වේ. අනතුරුව ඔවුන් දෙදෙනා නැවතත් වෑන් රථයේ දමාගෙන පැමිණි නාඳුනන පුද්ගලයන් කොට්ටාව මාලපල්ල දුම්රිය ස්ථානය අසල අලුයම දෙකයි තිහට පමණ දමා ගිය බව එම ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
වැඩසටහන් නිෂ්පාදකවරයා පදවාගෙන ගිය මෝටර් රථය පිළිබඳව ඊයේ (21) වනතුරු තොරතුරක් නොවූ බව මහරගම පොලීසිය පවසනවා.
සැකකාර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇරැව්වල රත්මල්දෙනිය අවට හා කොට්ටාව මාලපල්ල ප්රදේශයේ සීසීටීවි කැමරා පරීක්ෂා කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්රසාද් රණසිංහ, සහකාර පොලිස අධිකාරී කරුණාරත්න යන මහත්වරුනගේ අධීක්ෂණය යටතේ මහරගම පොලිස ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ටී.එස්. මිඩින් මහතා පරීක්ෂණ පවත්වයි.
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත

0 comments