BELL ආයතනයට ඊයේ රාත්‍රියේදී හැකිං ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

WannaCry රෑන්සම්වෙයාර් එක ගැන අවධානයෙන් ඉන්න අතරතුර තවත් සුවිශාල දත්ත සොරාගැනීම් ගණනාවක්ම සිදුවී තිබෙනවා. කැනඩාවේ විශාලතම ටෙලිකොමියුනිකේෂ
න් සේවා සපයන ආයතනය වූ BELL ආයතනයට ඊයේ රාත්‍රියේදී හැකිං ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් එම ආයතනයෙන් සේවාවන් ලබාගන්න පාරිභෝගිකයන් මිලියන 1.9කගේ දත්ත සම්පූර්ණයෙන්ම සොරාගෙන තිබෙනවා.
BELL යනු කැනඩාව තුළ අන්තර්ජාල සේවාවන් සහ දුරකථන සැටලයිට් TV වැනි සේවාවන් ලබාදෙන ප්‍රමුඛතම සංනිවේදන ආයතනයයි.
මෙම සොරාගත් දත්ත මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර පාරිභෝගිකයන්ගේ අනන්‍යතාව රැකෙන පරිදි කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක BELL සමාගම ගෙන නොමැති බවට හැකර්වරුන් විසින් මෙම හැක් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ටුවිටර් ගිණුම් වල චෝදනාත්මකව සදහන් කර තිබුණා.
 

0 comments