Twitter වෙබ් අඩවිය මේ මාසයේ තුන්වැනි වතාවටත් අද දිනයේදී අකර්මන්‍ය වුණා.

මිලියන 300කට වැඩි සාමාජිකයන් සංඛ්‍යාවකට සේවය සපයන ලෝකයේ විශාලතම සමාජ ජාල වෙබ් අඩවියක් වූ Twitter වෙබ් අඩවිය මේ මාසයේ තුන්වැනි වතාවටත් අද දිනයේදී අකර්මන්‍ය වුණා.
යුරෝපාකරය, චීනය, ස්පාඤ්ඤ, නෙදර්ලන්තය ඇතුළු රටවල් ගණනාවකට අද සවස් යාමයේදී Twitter වල සේවාවන් ලබාගත නොහැකි වූ අතර වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේදී “Something is technically wrong. Thanks for noticing—we’re going to fix it up and have things back to normal soon.” ලෙසින් සටහන් වුණා.
ගෙවුණ සතියේදී ෆේස්බුක් වෙබ් අඩවියද විනාඩි ගණනාවකට මෙසේ බිද වැටුනා. සමාජ ජාල වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින් සාර්ථක හැකිං ප්‍රහාර අවස්ථාවන් ගණනාවකදීම එල්ල වී තිබුණත් මෙම Twitter බිද වැටීම හැකිං ප්‍රහාරයක් දැයි Twitter සමාගමේ කිසිවෙක් විසින් අදහස් දක්වා නැහැ.
බොහොමයක් හැකර්වරුන් පවා Twitter සිය මූලික සන්නිවේදන මාධ්‍ය ලෙසින් තෝරාගෙන තිබෙන අතර 2016 මුල් කාර්තුවේදී පරිශීලක නාම සහ මුරපද මිලියන 100ක් පමණ සොරාගත් මහාපරිමාණ හැකිං ප්‍රහාරයකට Twitter මුහුණ දුන්නා.

(අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි)

0 comments