ගෙස්ට් හවුස්වලට – ගෑනු විකුණන තාත්තා නිසා – කෝච්චියට පැන්න දියණිය – සජානා!

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක් පසුගිය 15වන දා උදෑසන දුම්රියට පැන සිය දිවි හානි කරගත් පුවත ඔබට මතක ඇති. මෙසේ ජීවිතක්ෂයට පත්වුණේ  වනාතවිල්ලුව 16 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. තෂ්මි සජානා පුෂ්පකුමාරි නමැති තරුණියක් බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.

එළුවන්කුලම, අරුවක්කාඩු හුනු ගල් කොරියේ සිට හුනු ගල් රැගෙන පුත්තලම බලා උදෑසන 8.00ට ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති අතර තරුණිය සහ පවුලේ අය අතර නිරන්තරයෙන් බහින්බස්වීම් සිදුවන බවයි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලදී හෙළි වුණේ.

මේ  සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සතිඅන්ත පුවත්පතකට මෙවැනි අදහසක් දක්වා තිබුණා.

“මම  එයත් එක්ක යාළු වුණේ එයා අට වසරේ ඉගෙන ගනිද්දී. ගියේ මැදගම ඉස්කෝලෙකට. ඒ වෙද්දි මම කළේ පෞද්ගලික කුලී රථයක රියැදුරු රස්සාව. අපි අතරේ ආදර සබඳතාවක් ගොඩනැඟුණා. තෂ්මිට අවුරුදු 10ක් වෙද්දි එයාගෙ තාත්තා එයාවයි අම්මවයි අතෑරලා වෙන කසාදයක් කරගෙන. ඒ නිසා මම තෂ්මිවයි එයාගෙ අම්මාවයි මාදම්පේ ගෙදරක නවත්වලා මාසෙ කුලී වියදමත් ගෙවලා, ඇයට උගන්වන වැඩවලටත් සල්ලි වියදම් කළා.

මගේ මහ ගෙවල් තියෙන්නේ වනාතවිල්ලුව එළුවන්කුලමෙ. කුලී ගෙදර ටික කාලයක් හිටියට පස්සේ මේ දෙන්නාව මම මගේ මහ ගෙදර එක්ක ආවා. අපි තුන්දෙනා මාස අටක් විතර එහෙ ජීවත් වුණා. මේ වෙසක් පෝය දවසේ තෂ්මි මට කිව්වා කිරි අම්මාව බලන්න විලත්තව යන්න ඕනි කියලා. මම වැඩ කළ වාහනෙන්ම එයාව ගිහින් ඇරලුවා.

ඒ වෙසක් පෝයට පහුවදා. එහෙ ගියත් එක්කම ආයෙ කතා කරලා කිව්වා මට මෙහෙ ඉන්න බෑ ඇවිත් එක්ක යන්න කියලා. මමයි එයාගේ අම්මයි ගිහින් එක්ක ආවා. අපි මෙතෙක් කලක් විවාහ නොවුණේ තෂ්මිට වයස හරියනකම් හිටියේ.තෂ්මිට අවුරුදු 18 සම්පූර්ණ වෙන්න තිබුණේ ගෙවුණු 17දාට. 15දා මම  උදේ රැයින් අවදි වුණේ වනාතවිල්ලුව පොලිසියට යන්න.

ඒ රාජකාරි අවශ්‍යතාවකට. ඒ වෙලාවෙයි මට  ඇහුණේ කවදාවත් එම ස්ථානයේ නොනවත්වන කෝච්චිය ඒ මොහොතේ නවතින හඬ.තෂ්මිගෙ අම්මට මම කිව්වා ඒ ඇයි කියලා බලන්න කියලා. එවිටයි ඇය දැක්කේ රේල් පීල්ල උඩ තියෙන තෂ්මිගේ නිසල සිරුර.”

0 comments