තීරණාත්මක කැබිනට් සංශෝධනය අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියළුම අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.
පෙරවරු 8.30ට එම කැඳවීම සිදු කර ඇති බව සඳහන්.
මෙම කැඳවීම සිදු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් දැඩි කතා බහකට ලක්ව ඇති පසුබිමකයි.
ඒ අනුව, අද දින කැබිනට් මණ්ඩලය තුළ විෂයපත වෙනස් කිරීම් මෙන්ම නව දිවුරුම් ද සිදු කරන බවටයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට ද මේ සඳහා ආරාධනා කර තිබෙනවා.
මේ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.
ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සියළුම අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවතියා.

0 comments