වැසි සමග තද සුළං

ඉදිරි දින කිහිපයේදී වැසි සමග තද සුළං අපේක්ෂා කළ හැකි බල කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සවස් කාලයේ බස්නාහිර, සඹරගමුව , දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව රළු විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

0 comments