සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එහි සුන්බුන්වලට යටවී සිට මුදා ගැනුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ   කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදී.
තුවාලකරු මුදා ගන්නා අවස්ථාව වන විටත් අසාධ්‍ය තත්වයේ පසු වූ බවටයි වාර්තා වූයේ.
ඔහු පැය 8කට වැඩි කාලයක් සුන්බුන් අතර සිරව සිටි බව මුදා ගැනීමේ පිරිස් පැවසුවා.
ගොඩනැගිල්ල තුල සිරවී සිටින බවට සැක කෙරෙන පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

0 comments