ඥානසාර හිමියන් සහ පොලීසිය අතර මහ රෑ ගැටුමක්


පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේ, තමා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කළේ කවුරුන්දැයි විමසමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැඩි සංවාදයක නිරත වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.
එම වීඩියෝවේ දැක්වෙන පරිදි සහ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරන පරිදි පෙනීයන්නේ අදාල සිදුවීම කුරුණෑගල හෝ ඊට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ බවයි.
ඥානසාර හිමියන්ගේ දැඩි ප්‍රකාශ හමුවේ උන්වහන්සේ සමඟ සිටින පිරිස පොලිසියට හූ කියන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.
පහත දැක්වෙන්නේ සංස්කරණය නොකළ එම වීඩියෝවයි.
එහි ස්ථාන කිහිපයක කියවෙන වචන කිහිපයක් “බීප් හඬ” යොදා නොඇසීමට සලස්වා ඇති බව කරුණාවෙන් සලකන ්න.
Copywrited by - news24.lk

0 comments