කැබිනට් සංශෝදනය සඳහා වේලාවන් දෙකකට ආරාධනා
කැබිනට් සංශෝදනයක් හෙට සිදුවීමට නියමිත බව මේ වනවිට සියලුම ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව දිව්රුම් දීම් සහ විෂය පථ වෙනස්කිරීම් සිදු කරන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.
විශේෂයෙන් ම හෙට උදෑසන 08.30ට සහ 09.30ට වෙන වෙනම කණ්ඩායම් දෙකක් ඒ සඳහා කැදවීම් ලබා තිබෙනවා.
ඒ අතර දැනට අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දරණු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව දැනට අමාත්‍ය ධුරයක් රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් නොදරණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ද එම කැඳවීම් ලැබූ අය අතර සිටින බවයි වාර්තා වන්නේ.
උදෑසන 08.30ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇති අයගේ දැනට පවතින අමාත්‍ය ධූරවල වෙනසක් සිදු කරන බව සඳහන්.
එම කැඳවීම ලැබූ අය අතර ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිහිප දෙනෙකු ද සිටින බවයි වාර්තා වුණේ.
සිය විෂය පථයන් වෙනස් වන නිසා උදෑසන 08.30ට කැඳවීම ලැබී ඇතැයි දැනගත් ඔවුන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඒ පිළිබඳ විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ පවතින අමාත්‍ය ධුර වෙනස් කිරීමට නොව දැනට පවතින අමාත්‍ය ධුරයට තවත් විෂයන් කිහිපයක් එක්කිරීම සඳහා ඔවුන්ට එම කැඳවීම ලැබී ඇති බවයි.
උදෑසන 09.30ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීම් ලබා ඇති කණ්ඩායමේ දැනට පවතින අමාත්‍ය ධුර සහ ඒවායේ විෂය පථයන්ගේ වෙනසක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ සමීපත ම ආරංචි මාර්ග පවසන්නේ දැනට අමාත්‍ය ධුර දරණ එක්සත් ජාතික පක්ෂයේ බහුතර දෙනාගේ එම විෂය පථයන් වෙනස් නොවන නිසා ඔවුන්ට කැඳවීම ලැබී ඇත්තේ උදෑසන 09.30ට බවයි.
පසුගිය සමයේ මතභේදයට තුඩු දුන් ඇතැම් විෂය පථ ජනාධිපතිවරයගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ යටතට පත්කිරීමට සූදානම් බව ද සඳහන්.
ආර්ථික, දේශපාලනික සහ අන්තර්ජාතික වශයෙන් වැදගත් වන , දැනට එක්සත් ජාතික පක්ෂය දරණ අමාත්‍ය ධුර තවදුරටත් යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය යටතේ ම පවතිනු ඇති බවයි සදහන් වන්නේ.
0 comments