රීමා ලාගෝ ගේ දේහය අසල සල්මාන් පොඩි දරුවෙකු ලෙස හඬා වැටෙයි

බොලිවුඩයේ සිනමාවගේ මවගේ චරිතය නිරූපණය කළ රීමා ලාගෝ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගියදා ජීවිතයෙන් සමුගත්තා. ඇයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දියානු සුපිරි තරු රැසක් පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනාම දැඩි සංවේගයෙන් පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම ඉන්දීය මාධ්‍ය වැඩිවශයෙන් වාර්තා කළ කාරණයක් වන්නේ බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන සල්මන් ඛාන් එම අවස්ථාවේදී තම සංවේගය පාලනය කර ගත නොහැකිව සියලු දෙනා ඉදිරියේ කුඩා දරුවෙකු සේ හඬා වැටෙන අයුරුයි.
කෙසේ වෙතත් පසුව අනාවරණ වූයේ සල්මාන් ඛාන් සිනමාවට පිවිසි යුගයේ සිටම රීමා සමග රඟපෑමට සිදුව තිබූ බවයි. සල්මාන්ගේ මව ලෙස රීමා ජනප්‍රිය සිනමා පට කිහිපයකම දක්නට ලැබුණු බවද ඉන්දීය මාධ්‍ය පවසනවා. එසේම රීමාගේ ප්‍රියතම නළුවා වූයේද සල්මාන්ය. එසේම ඇය සල්මාන් තමන්ගේ දරුවෙකු මෙන් ළඟින් ඇසුරු කළ බවද වාර්තා වනවා. එසේම සල්මාන්ද තම මවට සමානව රීමාට ආදරය කළ බවත් සල්මන් හිත හොඳ මනුස්සයෙක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
රීමාගේ වියෝව දරාගත නොහැකිව සල්මාන් හඬා වැටුණු අයුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න.

0 comments