මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් එරට මහ කොමසාරිස් කාර්යාලය සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
සංගීත සංදර්ශනයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ අදාල බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 59 දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර අදාල ප්‍රහාරය හෙලා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලන වාසිතකා මෙවැනි ප්‍රහාර එල්ල කරමින් අහිංසක සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම කණගාටුවට කරුණක් බවයි.
සිද්ධියෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් සිය ශෝකය පල කරන බව ද ජනාධිපතිවරයා සිය ටුවිටර් පණිවුඩයේ සඳහන් කර සිටියා.
0 comments