එට්කා ගිවිසුම අත්සන් තැබීම මේ වසර අවසානයට පෙර

මෙම වසර අවසාන කාර්තුවේදී ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කිරීම දෙරටේම බලාපොරොත්තුව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඬේ පවසනවා.
එට්කා  ගිවිසුම් සම්බන්ධයෙන් මේ වන විට දෙරට අතර සාකච්ඡා වට හතරක් පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ලේකම්වරයා  සඳහන් කර ඇත්තේ.
යථාර්ථවාදී ලෙසින් ශ්‍රි ලංකාවට පහසුවන ආකාරයෙන් මෙම අවසන් ගිවිසුම අත්සන් කෙරෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ හෝ මේ වසර අගදී අවසන් ගිවිසුම අත්සන් කර හැකි උපරිම අයුරින්  ප්‍රයෝජන ගත යුතු බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.

0 comments