හිරුණිකා – රෝසි හැලෙයි! – මෙලීසා ලෙවිච් UNPයෙන් දේශපාලනයට – ලබන 23 වැඩ අරඹයි!!! (Exclusive)

පසුගිය සතියේදී මෙරට සමාජජාල සහ රාජ්‍ය මාධ්‍යවල පුවත් මවන්නියක් වූ මෙලීසා ලෙයිච් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව අතීශය විශ්වාසදායි ආරංචිමාර්ග වාර්තා කලා.

සිය දරු ප්‍රසූතියෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් ඉවත් වීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් සහ රෝසි සේනානායක වැනි වයෝවෘධ තැනැත්තියක් තරුණ ජන්ද ආකර්ශණය කර ගැනීමට අපොහොසත්වීම යනු කරුණු මත මෙලීසා ලෙයිච් ට මෙම අවස්ථාව හිමිවී තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රෝසි සේනානායක මහත්මියන් යනු දිර්ඝකාලීක දේශපාලන අත්දැකීම් සහිත එජාප රජයක් බිහිකරගැනීම සඳහා කැපවීමෙන් ක්‍රියාකල චරිත දෙකකි.

නමුත් මෙලීසා ලෙවිච් මෙරට දේශපාලනය සහ සමාජ සංස්කෘතික කාරණා ගැන එතරම් අවබෝධයක් සහිත කාන්තාවක් නොවන බවට ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් පවා තහවුරු කර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය සාමාන්‍යයෙන් දේශපාලනයට පිවිසීම සඳහා දේශපාලන දැනුම යන කාරණාව එතරම්ම සැලකිල්ලට ලක් නොකරන බව ඔවුන්ගේ පෙර භාවිතාවන් අනුව තහවුරු කර තිබේ.

උපේක්ෂා ස්වර්ණමාල්, නදීශා හේමමාලි වැනි තරුණියන් සඳහා දේශපාලනයට පිවිසීමට අවශ්‍ය පහසුකම් සැලසුයේ එක්සත් ජාතික පක්ෂය විසින් වන අතර එයිනුත් උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවට පැමිණ ‘ලෝක විහිලු” රටට සැපයූ ආකාරය අපට අමතක නැත. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක හිමිකරුවෙකුට අවශ්‍යව ඇති බැවින් ඔවුන් මෙලීසා ලෙවිච්ව ජාතික මට්ටමේ ප්‍රසිද්ධ චරිතයක් කිරීම සඳහා අවශ්‍ය මාධ්‍ය ආවරණය ලබාදීමට සියලු සැලසුම් සකස්කර තිබේ.

එලඹෙන සතියේ 23 වන අගහරුවාදා රාජගිරිය ප්‍රදේශයේදී මෙලීසා ලෙවිච් අසරණ සරණ සමාජ සත්කාර පදනම විසින් වැඩිහිටි නිවාසයක ඇස් කණ්නාඩි බෙදාදීම හරහා සිය දේශපාලන ගමන ඇරඹීමට ඇය සූදානම් වන අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරයෙකු සිය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුව ඇයගේ ලේකම්වරයා වශයෙන් පත් කිරීමට කටයුතු යොදා ඇති අතර ඔහු විසින් මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන බවට අනාවරණය වී තිබේ.


harigossip.com

0 comments